Web site එකක් හදද්දී අපිට නිතරම වචන, නම්, ලිපින සහ විවිධ වාක්‍ය හසුරවන්න සිද්ධ වෙනවා. PHP වල මේ වචන "Strings" කියලා හඳුන්වනවා. මේවා ලස්සනට පෙන්වන්න සහ අවශ්‍ය විදිහට වෙනස් කරගන්න PHP වල විශේෂ Functions ගොඩක් තියෙනවා.
What is String ?
අකුරු, අංක හෝ සංකේත සමූහයක් Single quotes (' ') හෝ Double quotes (" ") ඇතුළේ ලිවූ විට එය String එකක් විදිහට හදුන්වනවා.
- $name = "Amal";
- $message = 'Welcome to PHP tutorial!';
String Functions
අපිට String එකක තියෙන අකුරු ගණන බලන්න, වචන වෙනස් කරන්න වගේ දේවල් වලට පහත functions පාවිච්චි කරන්න පුළුවන්.
- strlen() - අකුරු ගණන සෙවීම
- String එකක අකුරු (සහ හිස්තැන්) කීයක් තියෙනවද කියලා දැනගන්න මේක පාවිච්චි කරනවා.
echo strlen("Hello World"); // Output 11
- str_word_count() - වචන ගණන සෙවීම
- වාක්‍යයක වචන කීයක් තියෙනවද කියලා බලන්න.
echo str_word_count("Hello World"); // Output 2
-
strrev() - අකුරු ආපස්සට හැරවීම (Reverse)
- වචනයක් අග ඉඳන් මුලට පෙන්වන්න.
echo strrev("Hello"); // Output: olleH
-
str_replace() - වචන මාරු කිරීම (Replace)
- වාක්‍යයක තියෙන වචනයක් වෙනුවට වෙනත් වචනයක් ආදේශ කරන්න.
echo str_replace("World", "PHP", "Hello World"); // Output: Hello PHP
Double Quotes සහ Single Quotes අතර වෙනස
- Double Quotes (" "): මේවා ඇතුළේ variable එකක් ලිව්වොත්, PHP විසින් එහි අගය පෙන්වනවා.
- Single Quotes (' '): මේවා ඇතුළේ variable එකක් ලිව්වොත්, එය සාමාන්‍ය වචනයක් ලෙසම පෙන්වනවා.
$name = "Amal"; echo "Hello $name"; // Output: Hello Amal echo 'Hello $name'; // Output: Hello $name
හිතන්න ඔයාගේ වෙබ් අඩවියට එන කෙනෙක් එයාගේ නම type කරන්නේ කැපිටල් අකුරු වලින් කියලා (උදා: "AMAL"). ඔයාට ඒකේ පළමු අකුර විතරක් කැපිටල් කරලා පෙන්වන්න ඕන නම් (ucfirst) හෝ ඔක්කොම සිම්පල් අකුරු කරන්න ඕන නම් (strtolower) මේ functions පාවිච්චි කරන්න පුළුවන්.
echo strtolower("AMAL"); // Output: amal echo ucfirst("amal"); // Output: Amal
0 Comments